2018 ඇමෙරිකා ග‍්‍රීන් කාඞ් ලොතරැයිය ශ්‍රී ලංකා හා මාලදිවයින් වැසියන් සඳහා අද (04) සිට ආරම්භ කළ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය කියයි.
නොවැම්බර් 07 වෙනි දා තෙක් මේ සඳහා නොමිලේ ලියාපදිංචි වීය හැකි බවද කියයි.
https://lk.usembassy.gov/ visas/immigrant-visas/diversity-visa යන වෙබ් අඩවියෙන් වැඩි විස්තර ලබාගත හැකි අතර අයැදුම් කිරීම සඳහා www.dvlottery.state.gov වෙබ් අඩවියට පිවිසෙන ලෙසද එම කාර්යාලය දැනුම් දෙයි.
වංචාකරුවන්ගෙන් ප‍්‍රවේසම් වන ලෙසද එක් අයෙකුට එක අයදුම්පතක් පමණක් එවිය හැකි බවද කියති.