
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලොතරැයි සූදුවක් වන හෙයින් ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය නියාමන රාමුවකට ඇතුළත් විය යුතු බව රජයේ මුදල් කාරක සභාව මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට පෙන්වා දුන්නේය.
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිී පනත් කෙටුම්පතෙහි යෝජිත වැඩිදියුණු කිරීම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණ. රජයේ මුදල් කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (29) පැවත්විණ

