(අංජුල මහික වීරරත්න)
සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙත වසරක කාලයක් සඳහා පරිගණකාශ්‍රිත දිනුම් ඇදීමේ ලොතරැයිපත් නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම, මුද්‍රණය සහ සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් පරිගණකාශ්‍රිතව දිනුම් අදිනු ලබන ලග්න වාසනාව, කප්රුක, අද කෝටිපති, සුපර් බෝල්, සසිරි, ශනිදා, සුපිරි ධන සම්පත ලොතරැයි පත් සහ නව දිනුම් ඇදීමේ ලොතරැයි අංක 01 ( ජය සම්පත) හා නව දිනුම් ඇදීමේ ලොතරැයි අංක 02 යන ලොතරැයි වර්ෂයක කාලයක් සඳහා නිර්මාණය කිරීම, සංවර්ධනය කිරීම, මුද්‍රණය සහ සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය කිරීම පිණිස ජාතික තරගකාරී ක්‍රම වේදය යටතේ ලංසු කැඳවා ඇත. ඒ සඳහා ලංසු 7 ක් ලැබී තිබේ. ඒ අනුව, ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම් ව පහත සඳහන් අවම ලංසුකරුවන් වෙත අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.