ලොතරැයි මිල යළි 20ට අඩුවෙයි


රුපියල් 20 සිට 30 දක්වා ඉහළ නැංවු ලොතරැයි මිල යළි පැරණි මිලටම අලෙවි කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිම සඳහා ජනපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දී ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂමන් යාපා මහතා අද (17) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය..
ලොතරැයි මිල ඉහළ දැමීමත් සමග එහි අලෙවිය පහළ ගිය බව කියමින් ලොතරැයි අලෙවි නියෝජිතයෝ මේ වනවිට වර්ජනයක නිරතව සිටිති.