ලොතරැයි දිනුම නවත්වයි


රුපියල් දස ලක්ෂයක ලොතරැයි දිනුමකට බිරිය හා සැමියා අයිතිවාසිකම් කියන නිසා අයිතිය තහවුරු කරනතුරු දිනුම අත්හිටුවා ඇත.

බිරියත්, සැමියාත් තම අයිතිවාසිකම් කියමින් ගම්පොල පොලිසියට පැමිණිලි ද කර ඇත.

පුතාගේ අකුරු කියවන නැකත අනුව ටිකට්පත ගත් බව බිරිය කියන්නීය.

තමා මිලට ගත් ටිකට්පත බිරිය විසින් ලොතරැයි මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයි සැමියා කියයි.