ලොතරැයි ටිකට් පතක මිල වැඩි කිරීමට එරෙහිව සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමය අද (03) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වීය.
ලොතරැයි මිල වැඩි කිරීමට විරෝධය පළ කරමින් පසුගිය ඉරිදා (01) සිට ලොතරැයි අලෙවිසල් වසා දමා වර්ජනයේ යෙදුන ද ඊට පිළිතුරක් නොලැබීම නිසා මේ විරෝධතාවය පැවැත්වූ බව එම සංගමය කියයි.








