ලොකුවිතානගේ හෝටලේ කාමරයක් ලක්ෂ හතයි


මහින්ද රාජපක්ෂ හිටපු ජනපති තමාගේ සම්බන්ධයක් නැතැයි නිවේදනයෙක් එවමින් පැවසූ ඩුබායි මැරියට් හෝටලයේ ඇමෙරිකා ඩොලර් 550 (රුපියල් 72649.50)  සිට  කාමර පහසුකම් ඇත. රට රටවල ජනපතිවරුන් ඇතුළු ප්‍රභූන්ට සිටිය හැකි විශේෂ කාමරයක උපරිම මිල ඇමෙරිකා ඩොලර්  5500 (රුපියල්  726495.00) කි.

මෙම හෝටලය ගිය වසරේ සැප්තැම්බර 15 වැනි දා විවෘත කළ බවත්, කාමර 351ක් හා අනු නිවාස මැදිරි 128ක් ඇති බවත් නන්දන ලොකුවිතාන එහි හිමිකරු බවත්, ඔහු ආයෝජනය කළ මුදල ඇමෙරිකා ඩොලර් කෝටි 22.5ක් (රුපියල් කෝටි 2972.03) බවත් ඩේලි නිව්ස් පුවත්පත 2014 අගෝස්තුවේ දී වාර්තා කළේය.

කැබිතිගොල්ලෑව මැදවච්චියේ ඉපදුණු ලොකුවිතාන 1989 දී ඇඟළුම්කම්හලක සේවයට ඩුබායි ගිය බවත් මැරියට් සමාගමට බැඳුණු බවත් පුවත්පත කියයි.

ලෝකුවිතාන ශ්‍රී ලංකා වානේ සංස්ථාවේ හිමිකරු බව ද කියයි.

ලොකුවිතානගේ පියා විදුහල්පතිවරයෙකි. තම නිවසේ වහලේ පීල්ල කිතුල් කොටයක් දෙකට පලා සාදාගත් බවත් ඔහු කියයි. හේන් වැඩ කළ මව හේන කොටා මිරිස් ඇට ඉසීමෙන් පසු වන සතුන් එළවීමට ගිනිගොඩවල් ගසාගෙන සිටි බව ද ඔහු පවසයි. පිහිඹියගොල්ලෑව පාසලෙන් පහේ ශිෂ්‍යත්වය සමත්වීමෙන් පසුව හොරණට අවුත් ජනාධිපති විද්‍යාලයයේ නම වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ බවත්, පසුව අනුරාධපුර නිවත්තකචේතිය විදුහලෙන් සාමාන්‍ය පෙළද, අනුරාධපුර මැදි විදුහලෙන් උසස් පෙළද සමත් වූ බව ද ඔහු කියයි.

තමා ඉන්ජිනේරුවකු කිරීම මව්පියන්ගේ අදහස වුවත් ඔවුන්ගේ අකමැත්තපිටම 1989 දී ඩුබායි රැකියාවට ආ බව ද ඔහු කියයි.

1989 දී ඇමෙරිකා ඩොලර් 225ක වැටුපකට ආ තමා ඉන් වසර 25කට පසුව ඇමෙරිකා ඩොලර් කෝටි 22.5ක් ආයෝජනය කර ශ්‍රී ලංකා ධජයද ලෙලදෙන මැරියට් හෝටලය ඉදි කළ බවත්, මාස හතරකට වරක් මව්පියන් ඩුබායි කැඳවන නමුත් ඔවුන් දින කිහිපයකට වඩා එහි රැඳී සිටීමට අකමැති බවත් ඔහු සඳහන් කරයි.

dxbmh_main01 dxbmh_main02 dxbmh_main03 dxbmh_phototour02 dxbmh_phototour03 dxbmh_phototour05 dxbmh_phototour06 dxbmh_phototour11 dxbmh_phototour12 dxbmh_phototour13 dxbmh_phototour14 dxbmh_phototour15 dxbmh_phototour16 dxbmh_phototour17 dxbmh_phototour19 dxbmh_phototour20 dxbmh_phototour22 dxbmh_phototour25 dxbmh_phototour26 dxbmh_phototour34 dxbmh_phototour36 dxbmh_phototour37 dxbmh_phototour38 dxbmh_phototour42 dxbmh_phototour43 dxbmh_phototour45 dxbmh_phototour47 dxbmh_phototour50