කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය හා ශාක නිරෝධායන බලපත‍්‍ර නොමැතිව ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වන ලද ලොකු ලූණු බීජ සහ එනසාල් තොගයක් කටුනායකදී රේගු නිලධාරීන් විසින් ගිනි තබා විනාශ කරනු ලැබීය.
මෙහි වටිනාම රුපියල් ලක්ෂ දහනවයකි. පුළුස්සන ලද ලොකු ළුනු බීජ ප‍්‍රමානය කිලෝ ග‍්‍රෑමි 472 කි. මේවා මෙම වසරේ ජනවාරි සිට අවස්ථා 20 කදී ශ‍්‍රී ලංකිකයන් විසින් මෙරටට ගෙන ඒමට උත්සහ කරද්දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ලොකු ළුණු බීජ ශ‍්‍රී ලංකාවට රැගෙන ඒමට පෙර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය හා අපනයනය කරන රටෙහි ශාක නිරෝධායනය බලපත‍්‍රය සහිතව ගෙන්විය යුතු බවත් පසුව ගුවන් තොටුපොළෙහි ශාක නිරෝධායනය සේවය වෙත යොමුකර එහි අනුමැතිය ලබා ගත යුතු බව ගුවන්තේටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතා කීය.
මේවා විනාශ කරනු ලැබූවේ ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂකවරුන් වන ඒ.කේ.එන් වික‍්‍රමසිංහ, කේ.ඒ ධර්මසේන සහ ශාක නිරෝධායන අධ්‍යක්ෂක පී.සී වනිගසූරිය යන මහත්වරුන්ගේ උපදෙස් මත සහකාර රේගු අධිකාරීවරුන් වන එන්.එන් ජයසුන්දර, එස්. කජේන්ද්‍ර යන යන නිලධාරීන් විසිනි.