දඹුල්ල හා සීගිරිය ලොකු ලූනු අස්වැනු නෙළීම ඇරැඹී ඇත. ලොකු ලූනු ගැණුම් මිළ කිලෝවක් රුපියල් 75 - 80 අතර පවතී. එම මිළ තමන්ට ප්‍රමාණවත් බව දඹුල්ලේ ලොකු ලූනු ගොවීහු කියති. මෙවර මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ලූනු හෙක්ටයාර 3000 පමණ වගාකර ඇති බවත් එයින් මෙට්ට්‍රික් ටොන් 60000 අස්වැන්නක් බලාපොරොත්තු වන බවත් මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මිය පැවැසූහ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය සහ පෞද්ගලික ආයතන කිහිපයක් මෙන්ම ගොවීන් පෞද්ගලිකව ලොකුලුනු වගාවට දායක විය.