ලොකු ලුණූ වලට සහතික මිලක්



 ( නාලක සංජීව දහනායක)

හොදින් වේලූ ලොකු ලුණු කිලෝවක් රුපියල් 80 සහතික මිලක් යටතේ මිළදී ගැනීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සතොස සභාපතිවරයාට අද (28) උපදෙස් දුන්නේය.

මීට පෙර ජීවන විදයම් කමිටුව විසින් ගනු ලැබූ තීරණයක් අනුව මෙම නියෝගය නිකුත් කළ බව කී අමාත්‍යවරයා මෙරට අස්වනු නෙළන සමයේදී බෝගවර්ග පිටරටින් ගෙන්වීම වැළැක්වීමට පියවර ගන්නා බවද කීය.

එමෙන්ම ඇතැම් බෝග වර්ග ආනයනය කරන්නේනම් ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයෙන් අවසරගත යුතු බවද අමාත්‍යවරයා පැවසීය.