එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහි කිරීමට ඇති ආශාව නිසාම පොදු අපේක්ෂක ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කළ බව එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා කුරුණෑගලදී පැවසීය. තමා ඒම තීරණය ගත්තේ කැමැත්තකින් නොවන බවද එය පක්ෂයේ යහපත වෙනුවෙන් ගත් තීරණයක් බවද ඔහු කීවේය.
අනාගත එජාප ආණ්ඩුවක විධායක අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වනු දැකීමත් තම සිහිනයක් සැබෑ වීමක් බවද ඔහු කීවේය.

