නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින විදේශ අමාත්‍ය මංගල සමරවීර අද (19) පස්වරුවේ නවදිල්ලි නුවරදී න්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවිය.
කලාපීය හා ජාත්‍යන්තර අවධානය යොමු වූ මැතිවරණයක් සාමකාමීව නිම කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ජනතාව ඇගයීය යුතු බවත්, මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ හා රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ජයග්‍රහණයට සුබපැතුම් එක් කරන බවත් ඉන්දීය අගමැති මෝදී ප්‍රකාශ කළේය.
ජනතාව දුන් ඡන්දය ශ්‍රී ලංකාවට එක්සත් බව හා වෙනසක් ඇති කරනු ඇති බවත් මෝදී කීවේය.
ජනපතිගේ ජයග්‍රහණය අසල්වැසි රට හා සෑම අවස්ථාවකම සත්‍ය මිතුරෙකු වූ ශ්‍රී ලංකාවට ප්‍රතිසන්ධානය, සාමය හා සංවර්ධනය ගෙන එනු ඇතැයි ද ඒ සඳහා සෑම අවස්ථාවකම ඉන්දීයාවේ සහයෝගය දීමට සූදානම් බව ද ඉන්දීය අගමැති කීවේය.
සෑම ජන කොටසක්ම නියෝජනය වන පරිදි ඇමැති මණ්ඩලය පත් කිරීම ද මෝදි අගය කළේය.
දෙරටේ සංචාරයකට කළ ඇරැයුම නායකයන් දෙදෙනාම පිළිගත් බව ඉන්දියා මාධ්‍ය කියයි.


