ලොක්කාගේ ප්‍රමාදයෙන් පොඩ්ඩෝ අමාරුවේ


දකුණු කළුතර පොලිසියේ වාර්ෂික පිරික්සුමට අද උදේ 6ට පොලිසියේ සියලු දෙනා වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයට ආහ. පෙරවරු 7ට ඊට එන බව කී පොලිස් ලොක්කා පෙරවරු 9ටත් නොපැමිණියේය.

ඔහු පෙරවරු 10ට එන බවට පණිවිඩයක් ලැබිණි. 10ට ද නැත. 10.30ට පැමිණියේය. ඒ අතරේ පොලිස් කාන්තාවන් කිහිප දෙනකු ක්ලාන්ත වූහ. ආචාර පෙළපාළියෙන් පසු උපදෙස් පංතියකට යාමට ඔවුනට සිදුවිය. එය නිමවූයේ පස්වරු තුනටය. ඒ වන තුරු වතුර උගුරක්වත් නොමැතිව පොලිස් නිලධාරීහු දැඩි වෙහෙසට පත්ව සිටියහ.