දින තුනක් තිස්සේ හොරණ රයිගම පාසලක් ඉදිරිපිට දමා ගොස් සිටි බව කියන හැත්තෑපස් හැවිරිදි මාතාවක පොලීසිය විසින් රෝහලට ඇතුළු කරනු ලැබීය.
තමාගේ ලේලිය හා මිනිපිරිය තමා එහි ගෙන ආ බවත් හිටිහාමි මුදියන්සේලාගේ සෝමාවතී මහත්මිය පොලීසියට පවසා ඇත.
කොට්ටාව පන්සල පාරේ ලිපිනයක් ගැන ඇය කියා ඇතැත් එවැනි ලිපිනයක් නැතැයි පොලීසිය කියයි.



