ලේනාට පේර ගහ බාර දීලා


පානදුර රෝහලේ ඉවත් කළ භාණ්ඩ වෙන්දේසියකදී එක්ස්රේ යන්ත්‍ර තුනක් එහි සේවකයකු සුළු මුදලකට ලබා ගෙන ඇතැයි එහි සේවකයෝ පිරිසක් කියති.

පරණ එක්ස්රේ යන්ත්‍රයක්  රුපියල් අටදහස බැගින් වෙන්දේසියේ විකුණා ඇතැයි ද එය සැකකටයුතු බව ද කියති.

බස්නාහිර පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වසන්ති රත්නපාල මහත්මිය පැවසුයේ වෙන්දෙසියක් වු බව දන්නා නමුත් වංචාවක් සිදු වු බව නොදන්නා බවයි.ඒ ගැන සොයා බලන බවද ඇය කීවාය.