ලේකම්ගේ මාධ්‍ය වැට ඇමති කඩයි


එළවළු මිල ඉහළයාම පිළිබඳව දිගින් දිගටම මාධ්‍ය වාර්තා පළවීමත් සමග ජනමාධ්‍යයට තොරතුරු නොදෙන ලෙස වෙළෙඳ අමාත්‍යංශය සියලුම ආර්ථික මධ්‍යස්ථානයන්ට ලිඛිතව දැනුම් දී ඇත.

මේ ගැන විමසීමට අමාත්‍ය ලේකම් හෝ අතිරේක ලේකම් හෝ දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

මාධ්‍ය ලේකම් නිපුණ ඒකනායක මහතා පැවසුවේ තමා මේ ගැන කිසිත් නොදන්නා බවයි.