කැලණිය පට්යහන්දියේ පාතාල නායකයකු බව කියන පුද්ගලයකු සැප ජීප් රියක සිටියදී නාරාහේන්පිටදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජීත ජයසුන්දර මහතාට ලැබුණු තොරතුරක් අනුව ජීප් රියේ තිබි ඉබේ දිගහැරෙන යකඩ පොල්ලක්,උල්පිහි දෙකක් ඔහුගේ නායකයා බව කියන තවත් පාතාලයකුගේ විසිටින් කාඩ් තොගයක් හා රුපියල් ලක්ෂ දා හතක ගනුදෙනුවක බිල්පත්ද එහි තිබු බව පොලිසිය පවසයි.එම ජීප් රියේ තිබී ලේ පැල්ලමක්ද සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.
මොහු බස්නාහිර පළාතේ සන්ධාන දේශපාලනඥයකුට ආරක්ෂාව සැලැසී යැයිද පොලීසියට තොරතුරු ලැබී ඇතැයිද දැනගන්නට ඇත.

