ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කර ඇත.
මෛත්‍රීපාල සිරිසේන ජනපති අතින් ඔහු සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.
ශ්‍රී ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රියාකාරී වෘත්තීය සමිති නායකයෙකු වන දේවේන්ද්‍ර මහතාට මෙම තනතුර පිරිනැමුණේ ඔහුගේ වෘත්තිය සමිති ජීවිතයට වසර 52 ක් සපිරෙන අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය මේ රටේ විශාලතම සහ ශක්තිමත්ම වෘත්තීය සමිති ව්‍යාපාරය බවට පත් කිරීම සඳහා ප්‍රබල කාර්යයභාරයක් ඉටුකරන ලද්දේ ද ලෙස්ලි දේවේන්ද්‍ර මහතා විසිනි.

