ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හා ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙනී සිටි මුහුණට මුහුණ තබා ආචාර සමාචාර කරන ලෙස්ටර්ගේ පින්තූරය වෙනුවට කොටි සංවිධානයේ හිටපු අවි සැපයුම්කරු කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී ගේ ඡායාරූපය සහිත පින්තූරය විද්‍යුත් මාධ්‍යයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කරන ලදැයිද එය කූඨ ලේඛනයක් යැයි ද සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත අද (8) පෞද්ගලික පැමිණිල්ලක් ගොනු කළේය. ලබන 13 වැනිදාට එම පැමිණිල්ල කල් තැබිණි.

