ලෙබනන් ජාතිකයා ඇමරිකාවට පිටුවහල් කිරීමට නියෝග


(මනෝප‍්‍රිය ගුණසේකර)

මුල්‍ය වංචාවන් සිදු කොට පළාවිත් ලංකාවේ රැඳී සිටි ලෙබනන් ජාතිකයකු ඇමරිකාවට පිටුවහල් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද(30) නියෝග කළේය.

අමෙරිකා රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විදේශ කටයුතු අමාත්‍යංශය හරහා කළ ඉල්ලීමකට අනුව මෙම ලෙබනන් ජාතිකයා උදර්පණය නීතීය යටතේ රටින් පිටුවහල් කරන්නැයි නීතීපතිවරයා කළ ඉල්ලීමකට අනුව දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරුවරයා එම නියෝගය ලබාදුන්නේය.

මෙලෙස ඇමරිකාවට පිටුවහල් කිරීමට නියම කරන ලද්දේ අහමඞ් ෆාර්කින් නමැති ලෙබනන් ජාතිකයෙකි.

විත්තිකාර ලෙබනන් ජාතිකයා අමෙරිකානු එක්සත් ජනපදයේදි මූල්‍ය වංචා සිදුකර ඔහු අත්අඩංගුවට ගැනීමට ඇමරිකා පොලිස් නිලධාරීන් කටයුතු කරමින් සිටියදී ඔහු ලංකාවට පළාවිත් ඇති බවට අමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව ශී‍්‍ර ලංකා රජයට විදේශ කටයුතු අමාත්‍යංශය හරහා දැනුම් දෙමින්  ඔහු තම රටට පිටුවහල් කරන ලෙසටද ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව රහස් පොලිස් නිලධාරීන් විසින් අහමඞ් ෆාර්කින් නමැති ලෙබනන් ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත.