මහනුවර ආන්ඩුකාර නිල කාර්යාලයේදී අද සුරංගනී එල්ලවල මහත්මිය මධ්‍යම පළාත් ආන්ඩුකාර ධුරයේ වැඩ බාර ගත්තාය.
දේශාපලකයන්ගේ යුතුකම මිනිසාගේ ජීවිතය උසස් කිරීම බව ඇය එම ධූරයේ වැඩ බාරගනිමින් පැවසුවාය.
රත්නපුරයේ සිට තමන් දේශපාලනයට ගෙන ආවේ රටේ ගෞරවයට පාත්‍රවු දේශපාලඥයින් පිරිසක් බවද ඇය කීවාය. ඒ අතරින් නන්ද එල්ලාවල යනු දේශපාලනයේ සියලු දේ දැකපු අයෙක් බවත් ඔහු ගිය සුන්දර මිනිස් ගමන තුළ එකතුකරගත් බොහෝ දේ තවමත් විසිරී නැති බව ඇය කීවාය.
හිටපු ආන්ඩුකාර ටිකිරි කොබ්බැකඩුව හා මධ්‍යම පලාත් ප්‍රධාන අමාත්‍යවරයාද මෙම අවස්ථාවට සහභාගී වුහ.
ඔවුහු එහිදී පැවසුවේ ලබා දිය යුතු සහයෝගය තමන් ලබා දෙන බවත් ඡනතාවගේ බලාපොරොත්තු ඉටු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.







