ලෙඩුන්ට දෙයියන්ගෙම පිහිටයි


බෙහෙත් ඇසුරුම්හි කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් ලේබල් අලවමින් සිටි බව කියන  ඖෂධ ආනයනය කරන  ආයතනයක සේවකයන් දෙදෙනකු එසේ දින වෙනස් කළ ඖෂධ පෙට්ටි 4814ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

දිනය වෙසන් කළ ඖෂධ දැමීමට සකස් කළ පෙට්ටි දස දහසක් ද පොලිස් බාරයට ගත් බව ද රෝහණ මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය හා තාක්ෂණික සැපයුම් අංශයේ නිලධාරීන්ගේ ද සහායෙන් පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන අංශය මගින් වැටලීම කර ඇත.