පිළිකා සඳහා භාවිත කෙරෙන මිල අධික ඖෂධයකට තනිකර ඒකාධිකාරියක් ඉල්ලමින් ඖෂධ සමාගමක් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමත් සමඟ වෛද්‍ය විශේෂඥයන් හා මහ පරිමාණ ඖෂධ මාෆියාව අතර පවතින බව කියන දූෂිත සම්බන්ධයක් නිසා රෝගීන් අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇතැයි කියති.
රුසියාවේ නිෂ්පාදිත ඖෂධය අලෙවිය වළක්වමින් ස්විට්සර්ලන්තයේ ‘රෝච්‘ සමාගම කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත. මීට පෙර අධිකරණය අතුරු නියෝගයක් දී තිබූ අතර එය නොදිය යුත්තක් යැයි ද කියැවිණි.
පසුගිය ජූනි මාසයේ දුන් අධිකරණ නියෝගයෙන් පසු රුසියාවේ නිෂ්පාදිත පිළිකා ඖෂධකාරකයක් වන ට්‍රස්ටුසුමාබ් ඖෂධයට සමාන ඖෂධයක් ( බයෝසිමිලර් ) ( ට්‍රස්ටුසුමාබ්) ශ්‍රී ලංකාවේදී භාවිත කිරීම සඳහා බාධක ඉවත් කරමින් ලියාපදිංචිය සඳහා අවශ්‍ය ‘නියමිත කි්‍රයාවලිය‘ සිදු කළ බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ සතියේ නිවේදනය කළේය.
‘බයෝසිමිලර්‘ යනු නිර්දේශිත ඖෂධයට සමාන ඖෂධයකි.
මීට පෙර රුපියල් 280,000කට සෞඛ්‍ය අමාත්‍යාංශයට විකුණන ලෙද රෝචස් ඖෂධය හා සැසඳීමේදී ට්‍රස්ටුසුමාබ් ඖෂධයට සමාන ඖෂධය සෞඛ්‍ය අමාත්‍යාංශය මිලදී ගෙන ඇත්තේ රුපියල් 144,000කට යැයි වාර්තා වේ.
කෙසේ නමුත් රුසියා ඖෂධය හඳුන්වා දීමත් සමඟ රෝචස් සමාගමේ ශ්‍රී ලංකා අලෙවි නියෝජිතවරයා වන ‘ඒ බවර් සහ සමාගම‘ අදාළ ඖෂධයේ සඳහන් මිල ලෙස රුපියල් 165,000 දක්වා ඇත. එහෙත් එය මීට පෙර ඇත්තේ එම මුදලට වඩා රුපියල් 115,000ක් වැඩියෙනි.
අදාළ ඖෂධයට සමාන ඖෂධයක් නිෂ්පාදනය කරන ඉන්දියා සමාගමක් සමඟ දැනටමත් සාකච්ඡා කරමින් සිටින බවත් එම ඖෂධය වෙළෙඳපොළට හඳුන්වාදීමත් සමඟ අදාළ ඖෂධයේ මිල තවත් පහළ යනු ඇතැයි ඖෂධ නියාමන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ඖෂධ නියාමන අධිකාරියේ මැදිහත් වීමත් සමඟ ඖෂධ මිල ගණන් සැලකිය යුතු ලෙස පහත ගොස් ඇති බවත් මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය ඩොලර් 30කට මිලදී ගත් ඖෂධය ඖෂධ අධිකාරිය මැදිහත් වී ඒ හා සමාන ඖෂධ හඳුන්වා දීමත් සමඟ ඩොලර් 3ක් දක්වා අඩු කරගැනීමට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉකුත් දා කීවේය.
රජය විසින් පනවන සීමා හේතුවෙන් වෙළෙඳපොළට පිවිසීමට නොහැකි වීමත් තරගකාරීත්වය නොමැති වීමත් නිසා සාමාන්‍යයෙන් ඒකාධිකාරියක් ඇති වන අතරම ඖෂධ ඉහළ මිල ගණන්වලට විකිණෙයි.
ඒකාධිකාරි වෙළෙඳපොළ නිසා සමහර අවස්ථාවලදී ඖෂධවල මිල ගණන් දස ගුණයකින් ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා මෙ ඒකාධිකාරි වෙළෙඳපොළ නවතා දැමීමට උත්සහා ගන්නා බව කීවේය.
‘සමහර ඖෂධවලට ඒකාධිකාරියක් පවත්වාගෙන යෑමට ඉඩ දීමෙන් අපට විශාල මිල ගණන් ගෙවීමට සිදුවෙනවා. අප මේ ඒකාධිකාරි වෙළෙඳපොළ බිඳ දමනවා. ඒ අනුව අපට ඖෂධ සඳහා කෙරෙන වියදම් අඩු කරනවා. එමඟින් රාජ්‍ය රෝහල්වලින් අපට හොඳ සෞඛ්‍ය සේවයක් දීමට හැකි වෙනවා‘ යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
පසුගිය ජූනි මාසයේදී අභියාචනාධිකරණය දුන් තීන්දුවත් සමඟ පෙත්සෙම් සිව්වැනි වග උත්තකරු වන මහරගම පිළිකා රෝහලේ පිළිකා විශේෂඥයන්ගේ විද්‍යාලයේ සභාපතිවරයා පෙත්සම්කරුවකු ද වන ස්විස් නිෂ්පාදිතයාට සහාය දී ඇතැයි අනාවරණය වී ඇත. එම සමයේදී පිළිකා විශේෂඥයන්ගේ විද්‍යාලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ වෛද්‍ය පූජිත වාසලආරච්චිය.
‘ ඖෂධය වන හර්සෙප්ටින් ඖෂධය ප්‍රවර්ධනය කිරීමට හෝ ඒකාධිකාරියක් පවත්වාගෙන යෑමට ඔවුන් දිරිමත් හෝ නොකළ බව සිව්වැනි වග උත්තකරු තරයේ ප්‍රකාශ කර සිටින නමුත් ඊට එය සනාථ කළ කිසිවක් නැත. එහෙත් එය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමට ද හැකියාවක් නැත‘ යන්න කියැවේ.
‘ඒ හා සමානවම සිව්වැනි වග උත්තකරුගේ නීතිඥවරයා පෙන්වාදුන් කරුණු ප්‍රතික්ෂේප වූ අතර ඒවා ප්‍රවාදක හෝ තෙවැනි පාර්ශවල මත යැයි ද අනාවරණය වේ.‘
‘එවැනි මත අධිකරණයට ඉදිරිපත් නොකළ යුතු බව ද අධිකරණය තෙවැනි පාර්ශවවල මත කෙරෙහි අවධානයක් යොමු නොකරන බව කියැවී ඇත. ‘
‘පිළිකා විශේෂඥයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා කළ යුත්තේ තම සේවාදායකයාගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම බවත් වෙනත් පාර්ශවයකට පහර ගැසීම හෝ සහාය දැක්වීම නොකළ යුතු බව ටද අවවාද කැරිණි.‘
පිළිකා විශේෂඥයන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියාට අධිකරණය අවවාද කරමින් කියා සිටියේ උසාවියේ දී ඔහුගේ සේවාදායකයා වෙනුවෙන් පමණක් පෙනී සිටිය හැකි බවයි. නමුත් නමුත් වෙනත් පාර්ශ්වයකට පහර දීමට හෝ සහාය දීමට ඉඩක් නැතැයි අධිකරණය ඔහුට කීවේය.
අභියාචනාධිකරණ විනිසුරු පී පද්මන් සූරසේන හා අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විජිත් කේ. මලල්ගොඩ විසින් දුන් ඓතිහාසික තීන්දුව මඟින් රුසියාවේ නිෂ්පාදිත ඖෂධය අලෙවිය නවතා දැමීම සඳහා මාර්තු මාසයේදී රෝචස් සමාගම ලබාගත් අතුරු නියෝග තීන්දුව ඒකපාර්ශවීය තීන්දුවක් යැයි කියැවෙන අතරම එම අතුරු තහනම ද ඉවත් කිරීමට හේතුවිය.
(පරිවර්තනය හර්ෂණ තුෂාර සිල්වා)