ලෙඩා මිය යද්දී ඥාතීහු රෝහල වටලති


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

අසාධ්‍ය රෝගියකු උඩප්පුව කොත්තන්තිව් ග්‍රාමීය රෝහලට රැගෙන එද්දී එහි කාර්ය මණ්ලය නොමැති නිසා එම රෝගියා මුන්දලම රෝහලට ඇතුළ කර සුළු වේලාවකින් මිය යාමෙන් පසු කුපිත වූ ඥාතීන් ඇතුළු ගම්වාසීහු පිරිසක් කොන්තන්තිව් රෝහල වට කර විරෝධයක් දැක් වූහ.

කොත්තන්තිව් පෙරුකුවටාන පදිංචි 60 හැවිරිදි මොහොමඩ් නිසාර් නැමති අයකුට ඇති වූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් පවුලේ පිරිස කඩිනමින් කොත්තන්තිව් ප්‍රාදේශීය රෝහල වෙත ප්‍රතිකාර සදහා රැගෙන විත් ඇත.

ඒ වන විට රෝහලේ වෛද්‍යවරයා නොමැති බව රෝහල් කාර්ය මණ්ඩලය පැවැසීම අසාධ්‍ය තත්වයෙ සිටි රෝගීයා කොත්තන්තිව් රෝහලේ සිට සැතපුම් 10 ක් දුරකින් පිහිටි මුන්දලම පර්යන්ත රෝහලට රැගෙන යාමට ඥාතින් පියවරගෙන ඇත.

මුන්දලම රෝහලට ඇතුළත් කළ රෝගීයා සුළු වේලාවකින් මරණයට පත්වි ඇත.