හිමාලයේ සිට පැමිණි බව පවසමින් ගිරාඳුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානයේදී ප්‍රාතිහාර්ය පෑමට ගිය දකුණේ පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 01 දා රාත්‍රියේ දී ආශිර්වාද ශාන්තිකර්ම පවත්වා විශ්ව බලයෙන් ලොඩ සුවකරන බවට පසුගිය 25 දා සිට ප්‍රචාරයක් ගෙනයමින් මෙම වැඩසටහන සංවිධානය කැර තිබිණි. රෝග සුව කිරීමටත් ශාන්තිකර්ම පැවැත්වීමටත් අත්තිකාරම් මුදල් ද එකතුකැර තිබිණි. හිමාලයෙන් පැමිණි බව පැවසූ පුද්ගලයන් ගැන සැකසිතූ විහාරාධිපති හිමියන්ගේ දැනුම්දීමකට අනුව එහි පැමිණි පොලීසිය 13 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. පොලීසිය පවසන්නේ හිමාලයෙන් පැමිණි බව කී පිරිස දකුණේ අය බවයි.

