රජය රේගු ආඥා පනත අහෝසි කර නව රේගු පනතක් ගෙන ඒමට විරෝධය පාමින් ශ්‍රී ලංකා රේගුවේ වෘත්තීය සමිතිවල සාමාජිකයෝ අද (15) ලෙඩ නිවාඩු ගත්හ.
මේ නිසා ඔරුගොඩවත්ත සහ තොටළඟ පිහිටි රේගු බහාළුම් අංගනයන්හි ද වරායේ ගුදම්වල කටයුතු ද මුළුමනින්ම ඇන හිටියේය.
ඔරුගොඩවත්ත සී.ආර්.ටී. අංගනය පාළුවට ගොස් තිබිණි.