අම්බලන්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ දුර්ලභ ඝණයේ කැස්බෑවන් තිදෙනෙකු අද (22) හික්කඩුව සාගර අභය භුමියට මුදා හැරිණි.
පොතු කැස්බෑවන් , දාර කැස්බෑවන් වර්ගයට මොවුන් අයත් වෙති.
හික්කඩුව වනජිවි දෙපාර්තමේන්තුවේ උද්‍යාන භාරකරු ඒ.වී. කසුන් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ හිමිකරු ජිවන් කස්තුරිආරච්චි මහතා ඇතුළු නිලධාරින් විසින් කැස්බෑවන් මුහුදට මුදා හරින ලදී.
ලංකාවේ විවිධ ප්‍රදේශවල අනතුරු වලට ලක්ව මුහුදු වෙරළට ගොඩ ගසන ලද මෙම කැස්බෑවන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ සංරක්ෂණය කර මුහුදට මුදා හරින බව වනජිවි නිලධාරිහු පවසති.

![3[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/321.jpg)
![4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/41.jpg)
![5[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/52.jpg)
![6[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/612.jpg)
![7[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/711.jpg)
