ලෙකෝ හිටපු සභාපතිගේ අත්අකුරු පරීක්ෂාවට


ලංකා විදුලිබල පෞද්ගලික (ලෙකෝ) සමාගමට ඉඩම් ඇතුළු දේපොළ මිලට ගැනීමේ රුපියල් විසිහය කෝටියක් වංචා කළැයි කියන සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය කෙළඹ කොටුව මහේස්ත්‍රාත්  කණිෂ්ක විජේරත්න මහතාට අද දැන්වූයේ හිටපු සභාපතිගේ අත්අකුරු හඳුනාගැනීම සඳහා ලියැවිලි කිහිපයක් රජයේ සැකකටයුතු ලියැවිලි පිළිබඳ විශේෂඥයාට යැවූ බවයි. ලෙකෝ සමාගමට රුපියල් කෝටි 19කට වඩා වංචා කළැයි දැනට ඇපමත සිටින  ව්‍යාපාරික නන්දන වික්‍රමසිංහ මේ ලියැවිලි දුන් බව ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.