නුගේගොඩ හතේ කනුවේ ජම්බුගස්මුල්ල පාරේ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකෝ) මුදල් අයකැමිවරුන් දෙදෙනකුට අවි පෙන්වා අද දහවල් 13.30ට පමණ රුපියල් ලක්ෂ 13ක් පැහැරගත් බවට මිරිහාන පොලීසියට පැමිණිලි කර ඇත.
කොල්ලකරුවන් අවි අමෝරාගෙන අයකැමිවරු දෙදෙනකු ළඟට ගොස් ඔවුන්ගේ ලාච්චුවල තිබූ මුදල් පැහැරගෙන ඇත.