නුගේගොඩ ලෙකෝ පෞද්ගලික විදුලි බල සමාගමෙන් පසුගිය අප්‍රේල් 22 දා රුපියල් දස ලක්ෂයකට වැඩි මුදලක් කොල්ල කෑ බව කියන දෙදෙනෙක් ගල් කටස් අවියක් බෝම්බ කිහිපයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මුදල් වලින් කොටසක් ද සොයාගෙන ඇත.
අම්බලන්තොට හා ලුනමේ පදිචි සැකකරුවන් මහරගම ගෙයක් කුලියට ගෙන සිටියදී කොල්ලයට සැලසුම් කැර ඇතිබවත් ප්‍රධාන සැකකරු හිරේ ගිය අයෙකු බවත් ව්‍යාජ ලේඛණ සකසා හිරෙන් එළියට පැමිණ ඇති බවත් සොයාගෙන ඇත. කොල්ලකෑ මුදලින් රන් බඩු මිලට ගෙන ඇත.