ලූනු ගොවියෝ පාරෙන් ඉවත් වෙති


පැය හයකට වැඩි කාලයක් දඹුල්ලේ ප්‍රධාන මාර්ග දෙකක් වසා ගෙන සිටි ලොකු ලූනු ගොවියෝ මින් මඳ වේලාවකට පෙර  සිය උද්ඝෝෂණය අතහැර පාරෙන් ඉවත් වුහ. දඹුල්ල පොලිසිය උද්ඝෝෂකයනට  උසාවි නියෝගයක් බාර දීමෙන් පසු ඔවුහු විසර ගියහ. එසේ යද්දී ඔවුන් පැවසුවේ තම ප්‍රශ්නයට  විසඳුම් නොලැබුණු බවයි.