(රේඛා තරංගනී ෆොන්සේකා )
අවිධිමත් ලෙස ලුනාව කලපුවේ ඇල මාර්ගවලට අප ජලය මුදාහරින බව කියන කර්මාන්ත ශාලා අටකට පාරිසරික තත්ව ව්ශ්ලේෂණ සහතිකය ඉදිරිපත් කරන ලෙසත් එම සහතිකයෙන් පාරිසරික නිති උල්ලංගනය වී ඇති බව තහවුරු වුවහොත් නඩු පැවරීමට පියවර ගන්නා බවට නිවේදන නිකුත් කළැයි මොරටුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක මාලින්ද ජයවර්ධන මහතා කියයි.
පසුගිය දින කිහිපය පුරා පරිසරයට හානි වන ආකාරයට පවත්වාගෙන යන කර්මාන්ත ශාලා පරික්ෂා කළ බව කියන මාලින්ද මහතා අපජලය නියම තත්ව සහතිකයට අනුකූල නොවන ආකාරයට කලපුවට මුදා හැරීම නිසා එහි ජලය දුෂණය වී ඇති බව ද පවසයි
ඉතා සූක්ෂම ආකාරයට කලපුවට මුදාහැරෙන අප ජලයේ ඇති රසායනික සංයෝග හේතුවෙන් මතස්‍ය සම්පතද වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බව ද ඒ මහතා කියයි




