ලුතිනන්ට ගැසීයැයි අයිපීගේ වැඩ තහනම්


යුද හමුදා බුද්ධි අංශයේ ලුතිනන් වරයකුට පොලිසියේ දී පහර දුන් බව කියන අම්බලන්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජේ ජගත් චමින් පෙරේරාගේ වැඩ තහනම් කර ඇත.

අම්බලන්ගොඩ මෝදර දේවාලයේ පෙරහර දවසේ රන් දම් වැලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලුතිනන්ගේ සහෝදරයකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද, ඒ ගැන සොයා බැලීමට පැමිණි අවස්ථාවේ ලුතිනන්ට පහර දී ඇතැයි ද ඔහුගේ පැමිණිල්ලේ දැක්වේ.