ලුතිනන් යෝෂිතගේ වැඩ තහනම්


මූල්‍ය අපරාධ අංශයේ ඉල්ලීමක් අනූව ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගයක් පරිදි ලුතිනන් යෝෂිත රාජපක්ෂගේ වැඩ 2016 පෙබරවාරි 28 වැනිදා සිට තහනම් කළ බව නාවික හමුදාව කියයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය දැනට පවත්වාගෙන යන පරීක්ෂණ ස්වාධීනව කරගෙන යාම පහසු කරවීම සඳහා මෙම පියවර ගෙන ඇත. ඔහුට එරෙහිව අධිකරණයේ දී චොදනා ගෙනු කිරීමට නියමිතය.

නාවික හමුදාවෙන් ලැබෙන වැටුප් වහා දීමනා වහාම නතර කැරේ.

අංක 1010/1 අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් 1998 ජනවාරි 13වැනිදා සංශෝදනය කළ 1982 නාවික වැටුප් ව්‍යවස්ථා මාලාව  අනූව මෙම පියවර ගැනේ. නාවික හමුදා මූලස්ථානයේ අවසරයක් නොමැතිව ඔහුට කිසිම නාවාක හමුදා භූමියකට ඇතුළු වීමට නොහැකි බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක අක්‍රම් අලවි කියයි.