( සනත් ගමගේ)
ලුණුගම්වෙහෙර රාජ්‍ය සේවා ගම්මානයේ ස්පීල් රක්ෂිත ප්‍ර දේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඇතැයි ලුණුගම්වෙහෙර පොලීසිය කියයි.
ගවහිමියකු වන ගලගමගේ පියතිලක සිය ගාලේ මී ගවයින් ගාල් කර යතුරු පැදියෙන් සිය නිවස දෙසට ගමන් කරමින් සිටිය දී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය කියයි.
මෙම වෙඩි තැබීම සඳහා නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඇති බවත්. බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තැබීම සිදු කර ඇති බවද ,වෙඩි වැදීමෙන් තුවාල සිදු වී නැති බවද පොලිසිය කියයි.
සිද්ධිය සම්බනද්යෙන් ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර පරීක්ෂන සිදු කරති.

