ලුණු මිල අඩු කරන්න සාකච්ඡා



(යොහාන් භාසුර සහ  තිලකරත්න දිසානායක.)

කර්මාන්ත සහ ආහාර සඳහා භාවිතා කරන ලුණු උසස් තත්වයෙන් සාධාරණ මිලක් යටතේ වෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම කිරීම සඳහා  ලුණු නිෂ්පාදන ආයතන සමග විශේෂ සාකච්ඡාවක් පැවැත් වූබව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ පැවැති එම සාකච්ඡාවේදී වෙළඳපොලේ අලෙවියට ඇති ලුණු මිල ගණන් සම්බන්ධව අධිකාරිය කළ මිල සමීක්ෂණයන්ට අනුව, පසුගිය කාලසීමාව තුල විවිධ මිල ගණන් යටතේ ලුණු අලෙවි වීමත්, කාලීනව ඇතිවූ ලුණු හිඟය සහ කර්මාන්තය මුහුණදෙන ගැටලු සම්බන්ධවත් අවධානය යොමු කළ බවත් එම අධිකාරිය කීය.

රජයේ සහ ප්‍රමුඛපෙලේ ලුණු නිෂ්පාදකයින්  ඇතුළු ආයතන 18 ක් සමග කළ මෙම සාකච්ඡාවේදී දැනට පවතින වෙළදපොල තත්වය මත පාරිභෝගිකයා අපහසුතාවට ලක් නොවන පරිදි මිල ගණන් පවත්වාගන යාම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ බවතඉදිරියේදී දේශීයව නිෂ්පාදනය වන ලුණු වෙළඳපොළට පැමිණීමට නියමිත බැවින් මාර්තු මස අග වන විට ඉතාමත් තරගකාරී මිලකට එම ලුණු අලෙවි විය හැකි බව නිෂ්පාදකයන් පැවසූ බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන්න් කළේය.