ලුඩොවයික්ට මාධ්‍ය ප්‍රකාශකගෙන් සහතිකයක්


වැල්ලම්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපති මුණසිංහ බණ්ඩාර මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති   ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී ලුඩොවයික් මහතා නැවත වැල්ලම්පිටියට පත්කරන ලෙස එම ප්‍රදේශයේ ජනතාව ඉල්ලා තිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

ලුඩොවයික් මහතා සිය රාජකාරියේ දී නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමට කැපවීම් කර ඇති නිසා නැවත ඔහු ඉල්ලා ඇතැයි ද, කෙසේ වෙතත් මැතිවරණ කාලයයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී ලුඩොවයික් මහතා වැල්ම්පිටියට මාරු කිරීමට තීරණයක් ගෙන නැතැයි ද  මාධ්‍ය ප්‍රකාශක පවසයි.