ලිලන්තගේ 'මුතුමලී' ස්වාධීන රූපවාහිනියෙන්


2017-02-16-ent-106

ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ‘අමන්දා’, ‘මුතු කිරිල්ලී’ හා ‘ඉඳුවරී’ ටෙලි නාට්‍ය නිර්මාණය කළ ලිලන්ත කුමාරසිරිගේ අලුත්ම ටෙලි නාට්‍යය වූ ‘මුතුමලී’ බදාදා හැර සතියේ අනෙකුත් දිනයන්හි රාත්‍රී 7.30ට ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වීමට නියමිතය.

2017-02-16-ent-108ජනප්‍රිය යොවුන් නිළි ශලිනි තාරකා මෙහි ‘මුතු වනිගසූරිය’ ලෙස ප්‍රධාන චරිත නිරූපණය කරන අතර, ජනක් ප්‍රේමලාල්, චම්පා ශ්‍රියානි, මහින්ද පතිරගේ, දසුන් නිශාන්, ගිහාන් ප්‍රනාන්දු, තුසිත ධනුෂ්ක, අවන්ති අපොන්සු, ග්‍රේස් තෙන්නකෝන්, ෆර්නි රෝෂණී, මිහිරි සිරිතිලක, බුද්ධික රඹුක්වැල්ල, විරාජ් පෙරේරා, රුවන් පෙරේරා, දිලුම් බුද්ධික, රජිත හේවාතන්ත්‍රිගේ, කාවින්ද්‍යා දුල්ශානි, සේනක ටයිටස්, ලෝෂි දිලන්ති සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙති.

පණ්ඩුල වනිගසූරිය ව්‍යාපාරිකයෙකි. ‘සූරිය ඇපරල්ස්’ නමින් විශාල ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඔහුට හිමිව තිබේ. පණ්ඩුල සිය ව්‍යාපාරය අරඹා ඇත්තේ බිරිඳගෙන් ලැබුණු දෑවැද්දෙනි. ඔහුගේ බිරිඳ වන මංගලී ධනවත් ඉඩම් හිමියෙකුගේ එකම දියණිය වෙයි. පිටිසර ගමක උපන් පණ්ඩුල ඇගෙන් ලැබුණු ඉඩකඩම් විකුණා ඒ මුදලින් ව්‍යාපාරය අරඹා ඇති අතර, උත්සාහය සහ කැපවීම නිසාම ඉතා කෙටි කලෙකින් එය දියුණුවට පත්විය.

පණ්ඩුලටත් මංගලීටත් සිටින්නේ එකම දියණියකි. ඇය ‘මුතු’ නම් වේ. ඇය කුඩා කල පටන්ම ඉතා සැප සේ හැදීවැඩුණු තැනැත්තියකි.

මහසෙන් ජයසිංහ පණ්ඩුලගේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ ගණකාධිකාරීවරයාය. පණ්ඩුලගේ ගමේම උපන් ඔහු පණ්ඩුලගේ කුඩා කල මිතුරෙකි.

පණ්ඩුල ඔහුව තමාගේ ගණකාධිකාරීවරයා බවට පත්කර ගන්නේ කුඩා කල මිත‍්‍රත්වය හේතුවෙනි. ඔහුගේ බිරිඳ දරු ප‍්‍රසූතියේදී මිය යන්නේ ඔහුට පුත‍්‍රයෙකු ඉතිරි කරමිනි. කවීන් නැමැති මේ පුත‍්‍රයා කුඩා කල සිටම හැදී වැඩෙන්නේ ගමේ සිටින මහසෙන්ගේ මව සමගිනි. අතිශය ලෝභී, දැඩි උන්නතිකාමී පුද්ගලයෙකු වන මහසෙන් මුදල් රැස්කිරීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම් අයෙකි. කවීන් වෙනුවෙන් හෝ ඔහුගේ නිර්දය හදවත තෙත් වන්නේ නැත. ඔහු පණ්ඩුලගේ විශ්වාසය දිනාගෙන සිටින නමුත්, ඒ විශ්වාසය මුවාවෙන් කරන්නේ ‘‘සූරිය ඇපරල්ස්’ වෙතින් හැකිතාක් මුදල් ගසාකෑමටය. තමාගේම ව්‍යාපාරයක් ඇරඹීමේ දැඩි අදිටනින් කි‍්‍රයා කරන ඔහු ඒ සඳහා උවමනා පසුබිම සකසා ගනිමින් සිටින්නේ සැමට රහසිනි.

අරුණ ප්‍රේමරත්න විසින් රචිත ‘මුතුමලී’ ටෙලි නාට්‍යය නිෂ්පාදනය කර ඇත්තේ ෆාහිම් මවුජූඩ් විසිනි.

 

2017-02-16-ent-107  2017-02-16-ent-105