අමාත්‍යවරයෙකු වශයෙන් ලියුම් නිකුත් කිරීමට සිදුවීම සමාජ යථාර්ථයක් බව විජිත විජේමුණි සේයිසා ඇමති අද (09) කොළඹ නිදහස් පක්ෂ කාර්යයාලයේ පැවති මාද්‍ය හමුවක දී කීවේය.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල හිතවතෙකුට කථිකාචාර්ය තනතුරක් ලබා දීම සඳහා නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු එසේ පැවසීය.
විවිධ අවශ්‍යතා සඳහා අමාත්‍යවරුන් මුණ ගැසීමට පැමිණෙන ඡන්ද දායකයන්ට ඔවුන්ගේ අවශ්‍යතා අනූව ලියුම් ලබා නොදුනහොත් ඔවුන් තමන්ට දොෂාරෝපණ කරන බවද ඔහු පැවසුවේය.


