ලියාපදිංචි වෛද්‍යවරු ලෙඩවෙන්න යති


පසුගිය වසරේ සැප්තැම්බර් 15 දා අනුමත කර 24 දා අවලංගු කළ සන්නිවේදන දීමනාව ඉල්ලා රජයේ ලියාපදිංචි හා සහකාර වෛද්‍යවරුන් සඳුදා සිට ලෙඩ නිවාඩු මගින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් අරඹන බව රජයේ ලියාපදිංචි හා සහකාර වෛද්‍යවරුන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය ඩී.ඒ.සෙනරත් මහතා කියයි.  උපාධිධාරී වෛද්‍යවරුන්ට ගෙවන මෙම දීමනාව තමන්ට අනුමත කළත් රජයේ වෛද්‍යවරුන්ගේ ‍විරෝධය නිසා නොලැබුණු බව සෙනරත් මහතා පවසයි. 1500 ක් පමණ වන මෙම වෛද්‍ය පිරිස මෙම දීමනාව ඉල්ලා අප්‍රේල් මාසයේ සිට අකුරට වැඩ කළහ.