ලියන්ගහවල මාර්ගයක ගිලා බැසීමක්


                                           

 

 

 

 

(සමන් පාලිත නානායක්කාර  සහ ප්‍රසාද් රුක්මල්)

ලියන්ගහවල බැද්දෙඅරාව මාර්ගයේ කොටසක අද  (04)  උදෑසන සිට   ගිලා බැසීමක් වාර්තාවන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

 මෙම ස්ථානය රාවණා  ඇල්ලේ  ඉහළ පෝෂක ප්‍රදේශය බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තාවක් ලබා ගැනීමට නියමිතය.

එම ස්ථානය ඔස්සේ  වාහන  ගමනාගමනයටද නොහැකි තත්ත්වයක් මතු වී ඇති අතර  පවතින ගිලා බැසීම එන්න එන්නම පුළුල් වන බවද  ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මේ අතර බදුල්ල  අළුගොල්ල කඳුමුදුනේ ගල්වල ප්‍රදේශය අවට තැනින් තැන භූමියේ විශාල ලෙස ඉරි තැලීම් වාර්තාවන බවද එම ස්ථානය ද භූමි පරීක්ෂාවක් කිරීමට සැලසුම් කර ඇති බවද බදුල්ල  ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය.