විකිණීමට සුදානම් කර තිබු කකුළුවන් මිලදීගෙන ආපසු කලපුවට මුදා හැරීමේ වැඩපිළිවෙළක් කඩුවෙල මහමෙව්නාව බෝධිඥාන භාවනා අසපුව මඟින් ක්‍රියාත්මක කර ඇත.
කකුළුවන් වෙළඳාම සඳහා තබාගන්නේ පන පිටින්ය.
මෙම අභයදානමය පුණ්‍ය කර්මය සඳහා එම අසපුවේ "ගෞතම දරුවෝ" යොවුන් බෝධිඥාන සභාවේ පින්වතුන් සමඟ මහාසංඝරත්නය සහභාගීවුහ.
"මරණය මිනිසුන් ඇතුළු ඕනෑම සත්වයෙකු හට දැනෙන ලොකු ම බිය බවත් එම බියෙන් කවර හෝ සත්වයෙකු නිදහස් කිරීම මහත් ඵල මහානිසංස ලබාදෙන අගනා පුණ්‍ය කර්මයක් බවත්" මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් දැක්වූ යොවුන් බෝධිඥාන සභාවේ සාමාජිකයෙක් පැවසුවේ.
තවදුරටත් අදහස් දැක්වූ ඔහු දීර්ඝායු සම්පත් ලැබීමටත් අකල් මරණයන්ගෙන් නිදහස් වීමටත් උපකාර වන මේ උතුම් පුණ්‍ය කර්මසඳහා උපකාරිවු සහභාගිවූ සියලුදෙනාටම පුණ්‍යානුමෝදනා කරන බවද මින් ඉදිරියටත් මෙවන් අභයදානමය පින්කම් සිදුකිරීමට බලාපොරොත්තුවන බවද පැවසීය.
මෙම පුණ්‍යකර්මය සඳහා සහභාගිවීමට කැමති සියලුමදෙනා [email protected] යන විද්යුත් තැපෑලෙන් විමසන ලෙසටද සංවිධායකයින් ඉල්ලීමක් කර ඇත.
(ඡායාරූප - ශ්‍රද්ධා රූපවාහිනිය අනුග්‍රහයෙනි)
























