ලැප්ටොප් හා ජංගම හලෝ කන්ටේනර් පිටින් ගෙනල්ලලු


දකුණු පළාත් සභා ඡන්දය සමයේ බෙදා දීම සඳහා සෙවිලි තහඩු, ජංගම දුරකතන, ලැප්ටොප්, බයිසිකල්, අලවංගු, උදලු තල ඇතුළු භාණ්ඩ කන්ටේනර් ගණනින් ගෙන්වා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සන්ධානයේ දකුණු පළාත් සභා අපේක්ෂක මනෝජ් සිරිසේන මහතා කියයි.

එම කන්ටේනර අත්අඩංගුවට ගන්නා ලෙස මාතර සහකාර මැතිවරණ කොමසාරිස්ගෙන් හා මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගෙන් ඉල්ලා සිටින බව ද ඔහු පවසයි.