ලාම්පුතෙල්-වතුර බිව් තුනකට ලෙඩ


පාරිභෝජනයට නුසුදුසු පානීය ජලබෝතල් 37000 ක් සහ ජලය පිරවීමට  රැගෙනවිත් තිබු  හිස් බෝතල්  ලක්ෂ පහක් කැළණිය ,දළුගම  ප්‍රධාන පෙළේ පානීය ජල බෝතල් නිෂ්පාදනාගාරයක  තිබී  අත්අඩංගුවට ගත් බව  පාරිභෝගික අධිකාරිය කියයි.

මෙම ජලයට භූමි තෙල් මිශ්‍ර වී ඇති බවට  තහවුරු කැරගෙන ඇතැයි ද පාරිභෝගික අධිකාරිය කියයි.

මේ වතුර පානය කළ තිදෙනකු රෝගාතුර වී ඇති බවද එම සමාගමට එරෙහිව නඩු පවරන බවද පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය.