ලාන්ස් කෝප්‍රල්-නාවික භටයා රට රැකියා ජාවාරමක


(ඉන්දිකා රාමනායක)

ජාවාරම්කරුවන් සමග සම්බන්ධවෙමින් නීතිවිරෝධි අයුරින් ඔස්ට්රේ්ලියාවට බෝට්ටු මාර්ගයෙන් පුද්ගලයින් යැවීම ජාවාරමක නිරත වෙමින් සිටි  යුද  හමුදා ලාන්ස්  කෝප්‍රල්වරයකු  හා නාවික හමුදා භටයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාමල ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය  අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  සාම්පුර් නාවික හමුදා කඳවුරේ  රාජකාරි කරමින් සිටි භටයකු හා රණවිරු සේවා අධිකාරියේ රාජකාරි කරන   ලාන්ස් කෝප්‍රල්වරයකු බව  පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

2022  දෙසැම්බර්  මස 04 දින ත්‍රිකුණාමලය සාම්පූර් ප්‍ර දේශයෙන් පුද්ගලයන් 25 දෙනෙකුගේ සමන්විත කණ්ඩායමක් බෝට්ටුවක් මගින් ඕස්ටේ්‍රලියාව බලා  ගමන් කරමින් සිටියදි  මෙරට මුහුදු සීමාවේ දී නාවික හමුදාව  එම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.

එම පිරිස  අත්අඩංගුවට ගැනීමෙන් පසුව  ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාමල ජාවාරම් විමර්ශන හා සමුද්රීපය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත බාර  දීමෙන් පසු විමර්ශන ආරම්භ කළ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම පිරිස මෙම ගමන සදහා රුපියල් ලක්ෂ 5-15  අතර මුදලක් ලබා දී ඇති  ඔවුන්ගේ රුපියල් කෝටි 3 1/2 මුදලක්  ජාවාරම්කරුවන් ලබාගෙන ඇති බවට  විමර්ශනයේ දී අනාවරණය කරගෙන තිබේ.