ලාදුරු රෝගය නැවතත් හිස ඔසවන ලකුණු


(සෙනරත් බණ්ඩාර)

ලාදුරු රෝගය මෙරට තුළ නැවතත් හිස ඔසවන බව  අන්තර් ආගමික සාමපදනමේ සභාපති ඩබ්ලිව් තිලකරත්න පියතුමා පවසයි.
ලංකාවේ ලාදුරු රෝගය  සම්පුර්ණයෙන්ම මර්ධනය කර ඇති බව ලෝක සොඛ්‍ය සංවිධානය 1983 දී ප්‍රකාශ කර ඇතත් මේ වන විට ලංකාවේ  ලාදුරු රෝගීන්  2000 ට අසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති තිලකරත්න පියතුමා කියයි.

ලාදුරු රෝගීන් ප්‍රතිකාර ගැනීමට ලැජ්ජා නොවිය යුතු බවත් ශරීරයේ ලපයක් හෝ  කැළලක් වැඩි වෙමින් තිබේනම් එහි සංවේදීභාවය නොමැතිනම් එය  ලාදුරු රෝග ලක්ෂණයක්  බවත් මහනුවර  දිස්ත්‍රික් ලාදුරු මර්ධන  මහජන සෞඛ්‍ය පරීක්ෂක ජානක පනම්පිටිය මහතා කියයි.

එම ලක්ෂණ ඇත්නම් හැකි ඉක්මනින් පළාත් සෞඛ්‍ය කාර්යාලයට පැමිණ උපදෙස් ලබාගන්නා ලෙස ඒ මහතා පවසයි.
ලාදුරු රෝගය තුරන්කිරීම සදහා ජනතාව දැනුවත් කිරීම සඳහා නිල්ලඹ කුරුස හන්දියේ පැවති වැඩමුළුවේදී ඔවුහු මේ බව කීහ.