ලාංකිකයොත් පාරේ නිදති
මිනිස් ජාවාරමුනට අසුවී දහස් ගණන් පවුම් ගෙවූ ශ්‍රී ලාංකිකයන් හා ඉන්දියානුවන් හීතලේ ගැහි ගැහී බටහිර ලන්ඩනයේ පාලම් යටද,පාරවල් අයිනේද නිදතියි බි්රතාන්ය පුවත්පත් කියයි.
යුරෝපයේ ආර්ථික අවපාතය නිසා රස්සා සොයාගත නොහැකිව වැසිකිළි හා නාන්නටද විදියක් නැතිව සිටින මොවුන් කුඩුකාරයන්ටද, මීයන්ටද, ලෙඩ රෝගවලටද ගොදුරු වෙතියි කියති. පාරේ නිදන වැඩි දෙනා පිරිමිය. ඔවුන්ගේ බොහෝ දෙනකු ශිෂ්‍ය වීසා ලැබ ලන්ඩනයට ආවත් අඩු ගණනේ එක් අයකු ජාවාරමකුට පවුම් 1000ක් පමණ ගෙවන්නට අති බවත් ප්‍රාදේශීය ස්වෙච්ඡුා සේවකයන්ගේ හොඳ හිත නිසා ඔවුන් කුසගින්නේ හෝ සීතලෙන් නොමැරෙන බවත් කියති.
තමන් පාරේ නිදන බව තම පවුල්වල අය නොදනිතියිද ඔවුහු පවසති.

