ලාංකිකයෙක් ප්‍රංශයේදී මියයයි


ප්‍රංශයේ ලෙමොන් නගරයේ දී ගෙයක් ගිනිගැනීමෙන් මීරිගම ජයලත් ආර් විජේරත්න මහතා මිය ගියේය.

උණුසුම් වීම සඳහා දල්වා නින්දට ගිය ඔහු ගින්නෙන් පිළිස්සී මිය ගිය බවත්, ගිනි නිවන බටයන් පැමිණෙන විට ඔහු නිදා සිටි නිවස අලු ගොඩක් වී තිබූ බවත් කියති.

ඔහු වසර තිහක් පමණ ප්‍රංශයේ පැරිස් අග නුවර පදිංචි වී බොහෝ දෙනාගේ කාර්මික හා තාක්ෂණ වැඩවලට උදව් දුන්නේය.

‘විජේ අයියා‘ යනුවෙන් හැදින් වූ ඔහු කලක් පංශයේ ට්‍රයිකෝ ආයතනයේ ද සේවය කළේය.

ඔහුගේ අලු ශ්‍රී ලංකාවට එවීමට නියමිතය.

ඔහුගේ අවසන් කටයුතු ගැන පංශයේ ට්‍රයිකෝ අධිපති රංජිත් කුලතුංග මහතාගෙන් දැන ගත හැකිය. (00 33 6 77 28 01 70)