ලාංකිකයෙක් චෙන්නායි නුවරදී අත්අඩංගුවට


පාකිස්තාන අයි.එස්.අයි. ඔත්තු සේවයට සම්බන්ධ යැයි සැකකෙරෙන මහනුවර සකීර් හුසේන් (37) නම් ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියාවේ චෙන්නායි නුවරදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය තානාපති ආරංචිමාර්ග කියයි.

ශ්‍රී ලංකාවේ සිට ගුවනින් පැමිණෙන මගීන් පිළිබඳව ඉකුත් සති කිහිපයේ සිට ඉන්දීය මධ්‍යම බුද්ධි ඒජන්සිය සහ තමිල්නාඩු පොලිසිය සොයා බැලීමේදී මෙම ලාංකිකයා පකිස්තාන ඔත්තු සේවා සමග සමීප සබඳතා පවත්වන්නෙකු බවට තොරතුරු ලැබී ඇතැයි කියයි.

අධිකරණයේ විශේෂ අවසරයක් මත චෙන්නායි හි පූසාල් බන්ධනාගාරයේ රඳවා ඇත.