තිස්සමහාරාම යෝධ කණ්ඩියේ සිට හය මාසයකට පෙර දකුණු කොරියාවේ රැකියාවකට ගිය දෙදරු පියකු වන ලසන්ත කුමාර (36) එන්සන්හිදී යතුරුපැදියෙන් ගමන් කරද්දී අනතුරකට මුහුණපා සෙනසුරාදා මිය ගිය බව කොරියා ආරංචි කියයි.
ඔහුගේ යතුරු පැදිය තවත් වාහනයක ගැටී මේ අනතුර සිදු විය.
ඔහුගේ දේහය බ්‍රහස්පතින්දා (13) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.